/
/
title icon ශිෂ්‍යත්වය දෙසැම්බර් 04 – උසස් පෙළ දෙසැම්බර් 05.
ශිෂ්‍යත්වය දෙසැම්බර් 04 – උසස් පෙළ දෙසැම්බර් 05.
Editor
2 years ago
Share:
ශිෂ්‍යත්වය දෙසැම්බර් 04 – උසස් පෙළ දෙසැම්බර් 05.

අවස්ථා කිහිපයකදී කල් දැමුණු 2022 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මුල් සතියේ පැවැත්වීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඞී. ධර්මසේන ප‍්‍රකාශ කළා.

ඒ අනුව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස හතරවන ඉරිදා පැවැත්වෙන අතර, උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 5 වනදා ආරම්භ වී ලබන වසරේ ජනවාරි මුල් සතිය දක්වා පැවැත්වෙන බවයි විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ.

මීට පෙර ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 27 වනදාත්, උසස් පෙළ විභාගය නොවැම්බර් මස 28 වනදා සිට දෙසැම්බර් 23 වනදා දක්වා පැවැත්වීමටත් දින වෙන් කර තිබුණා. මෙම විභාග දෙක සඳහා සිසුන් ලක්ෂ අටක් පමණ පෙනී සිටීමට නියමිතයි.

මේ අතර සාමාන්‍ය නීති ප‍්‍රවේශ විභාගය සඳහා සුදුසුකම් ලත් අපේක්ෂකයන්ගෙන් මේ මස 15 වනදා සිට අයදුම්පත් කැඳවන බව ශ‍්‍රී ලංකා නීති විද්‍යාලය නිවේදනය කරනවා.

ඒ අනුව ඔක්තෝම්බර් 16 වනදා දක්වා එම අයදුම්පත් කැඳවීම සිදුකිරීමට නියමිතයි. අයදුම්පත් සහ මාර්ගෝපදේශ ශ‍්‍රී ලංකා නීති විද්‍යාල වෙබ් පිටුවෙන් මාර්ගගත ක‍්‍රමයට ලබාගත හැකි වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required