
බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස එරට විදේශ ලේකම් ලිස් ට්‍රස් අද තේරි පත්විය.
ඒ, එරට කොන්සර්වේටිව් පක්ෂ නායකත්ව තරගයේ දී ප්‍රතිවාදී හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනක් පරාජය කරමිනි.
පසුගිය ජූලි මාසයේ දී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කළ අතර, අද (06) ඔහු එලිසබෙත් රැජිණ හමුවී සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් භාර දීමට නියමිතය.