
22 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූළ නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද සභාවට දැනුම් දුන්නා.
ඒ අනුව, එම වගන්ති පාර්ිලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බවයි කතානායකවරයා කියා සිිටියේ.
පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප‍්‍රධානත්වයෙන් පෙරවරු 9.30 ට ආරම්භ වීමෙන් අනතුරුව කතානායක නිල නිවේදනය යටතේ කතානායකවරයා මේ බව ප‍්‍රකාශ කළා.