
දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, සබරගමුව පළාතට මෙන්ම මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට තරමක තද වැසි ඇති විය හැකියි.
එමෙන්ම, මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප‍්‍රදේශ වලට පැයට කිලෝමීටර් 50 ක පමණ තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.