
පාසල් දරුවන් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය වලින් මුදා ගැනීම සඳහා පාසල වෙත පැමිණීමේදී ඔවුන්ගේ බෑග් පරීක්ෂා කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ඊයේ පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.
මේ පිළිබඳව චක‍්‍රලේඛය ඉදිරියේදී නිකුත් කරන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.
මේ සම්බන්ධයෙන් දැඩි ලෙස ක්‍රියාත්මක වීමේ කාලය එළඹ ඇතැයිද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.