/
/
title icon ආයතනවල ඉන්ධන කෝටාව වැඩි කෙරේ.
ආයතනවල ඉන්ධන කෝටාව වැඩි කෙරේ.
Editor
2 years ago
Share:
ආයතනවල ඉන්ධන කෝටාව වැඩි කෙරේ.

මෙම සතියේ සිට තෝරා ගත් පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතනවලට ලබාදෙන ඉන්ධන ප‍්‍රමාණය වැඩි කිරීමට පියවර ගනිමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ විදේශීය සංචාරකයින් ඉන්ධන අවසර පත‍්‍රයක් හඳුන්වාදීම සහ වාහන නොවන කාණ්ඩයටද අදාළ ඉන්ධන ලබාදීමේ කෝටාව හඳුන්වාදීමට එළඹෙන සතියේ කටයුතු කරන බවයි.

එසේම, ලබන සතියේ සිට ඉන්ධන ලබා ගැනීමේදී නිකුත් කරන කෙටි පණිවුඩයට ඉන්ධන ලබා ගත් පිරවුම්හලේ අංකය ද ඇතුළත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, කිව්.ආර්. කේතය වංචනික ලෙස භාවිත කිරීම වැලැක්වීමේ අරමුණින්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required