ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවැති තියුණු තරඟයකින් අනතුරුව ඇෆ්ගනිස්ථානය පරාජයට පත්කළ පාකිස්තානු කණ්ඩායම අවසාන මහා තරඟයට සුදුසුකම් ලබා ගත්තා.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 දැවී ලකුණු 129 ක් රැස් කළා.
අනතුරුව ලකුණු 130ක ජයග්රාහි ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායමට පන්දු වාර 19 යි පන්දු 2 ක් තුළදී සිය ඉලක්කය සපුරා ගනු ලැබුවේ කඩුළු 9 ක් දැවි තිබියදී.
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පාකිස්ථානු කණ්ඩායම ලබන 11 වනදා අවසාන මහා තරඟයට ක්‍රීඩා කරනු ඇති.
මේ අතර, ඊයේ තරඟයෙන් අනතුරුව ඇෆ්ගනිස්ථාන සහ පාකිස්තාන ක්‍රීඩා ලෝලීන් අතර, ගුටිබැට හුවමාරුවක් සිදුවන ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඇතැම් ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාගාරයේ ආසනද කඩා බිඳ දමමින් කලහකාරී ලෙස හැසිරී ඇති බවයි එම වාර්තාවල දැක්වුණේ.