මෙරට නාගරික ජනගහනයෙන් සෑම තුන්දෙනෙකුගෙන්ම එක් අයෙකුට විටමින් ‘‘ඞී’’ ඌණතාවය පවතින බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය ප‍්‍රකාශ කළා. එහි අගය සියයට 31ක්.
එසේම, සියයට 59 දෙනෙකුගේ සිරුරේ විටමින් ඞී මට්ටම ප‍්‍රමාණවත් නැහැ. දකුණු පළාතේ කාන්තාවන් අතරින් සියයට 56 ක් විටමින් ඞී ප‍්‍රමාණවත් නොමැති තත්ත්වයක සිටින බව ද සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.
මේ අතර, ආහාර සුරක්ෂිතතාවය නොමැති තත්ත්වයක් තුළ තවත් වසර දෙකකින් හෝ තුනකින් මෙරට දරුවන්, ගර්භණී මව්වරුන් සහ කිරිදෙන මව්වරුන් තුළින් පෝෂණ ඌණතාවයන් දැකගත හැකි වනු ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසනවා.
රටක ආහාර සුරක්ෂිතතාවය, යනු ආහාරවල සුලබතාවය, ජනතාවට ආහාර කරා පහසුවෙන් ළඟාවිය හැකිද නැද්ද යන්න මෙන්ම ඒවා පහසු මිලට ලබා ගැනීමට ඇති හැකියාව සහ ඒවා පෝෂණ ගුණයෙන් යුක්තද යන්න මත පදනම් වූ නිර්නායක මත රඳා පවතින්නක්.
එම කොටස් සියල්ල සපුරාලමින් ජනතාවගේ කැමැත්තට අනුව සෑම පුද්ගලයෙකුටම ආහාර වේලක් සපුරා ගැනීමට හැකියාව පවතින්නේ නම් එම රට ආහාර සුරක්ෂිතතාවයෙන් යුක්ත බව පැවසෙනවා.
කෙසේ වෙතත්, රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ගැටළුවකටයි මුහුණ දී සිටින්නේ.
පවතින තත්ත්වය ජනතාවගේ ආහාර මිලදී ගැනීමේ හැකියාවට මෙන්ම පෝෂණ ඌණතාවයකට මග හෙලි කරන බවයි මහාචාර්ය බුද්ධි මාරඹේ පෙන්වා දෙන්නේ.