
සමාජ ක‍්‍රියාකාරියෙකු වන ලහිරු වීරසේකර මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ පසුගිය 30 වැනිදා මරදාන ප‍්‍රදේශයේ පැවති විරොධතාවක දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගත් බවයි.
කොල්ලූපිටිය පොලිස් වසමට අයත් ඩුප්ලිකේෂන් මාර්ගයේදී මරදාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, රංගන ශිල්පිණි දමිතා අබේරත්න ද පසුගිය දා පොලිසිය අත්අඩංගුවට ගත් අතර ඇය මේ මස 14 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත් කරනු ලැබුවා.