අයහපත් කාලගුණයෙන් පාකිස්තානයට බලපෑ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් එරටට ආර්ථික වශයෙන් සිදුව ඇති පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 18 කට ආසන්න වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ ජල ගැලීම් හේතුවෙන් එරට කපු, සහල්, තිරිඟු ඇතුළු වගාබිම් අක්කර මිලියන 4.2 ක් මුළුමනින්ම විනාශ වී ඇති බවයි.
එරට භූමි ප‍්‍රමාණයෙන් තුනෙන් එකකට වැඩි ප‍්‍රමාණයක් ජලයෙන් යටවීම නිසා, පාකිස්තාන බලධාරීන් ලෝක නායකයින්ගෙන් ඉල්ලීමක් කරමින් සඳහන් කළේ තම රටට ආහාර සහ මූල්‍යමය වශයෙන් ආධාර ලබාදෙන ලෙසටයි.
එරට දරිද්‍රතාව සහ විරැකියාව සියයට 21.9 සිට සියයට 36 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම ආපදා තත්වය හේතුවෙන් එරට මිලියනයකට වැඩි ජනතාවක් පීඩාවට පත්ව ඇති අතර, ගං වතුරෙන් පුද්ගලයින් 1,325 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.