
පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සමාජ කි‍්‍රයාකාරිකයෙකු වන ලහිරු වීරසේකර ඊයේ ඇප මත මුදා හැරුණා.
ඒ, මාලිගාකන්ද මහේස්ත‍්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලට පැමිණ ඔහු පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. පෙරේදා ඔහු අත්අඩංගුවට ගැණුනු අතර පසුව අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා.
මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රංගන ශිල්පිනි දමිතා අබේරත්නගේ සුවදුක් විමසීමට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ බන්ධනාගාරයට පැමිණියා.