දිවයිනට පැමිණි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු නියෝජිතායතය හෙවත් යූ.එස්.ඒඞ් හි පරිපාලක සමන්තා පවර් අද ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ හමුවීමට නියමිතයි.
ඊයේ පෙරවරුවේ ඇය දිවයිනට පැමිණි අතර, ගුවන් තොටුපලේ විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී ඇය ඇතුලූ දූත පිරිස පිළිගනු ලැබුවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙකු විසින්.
පස්වරුවේ ඇය ජා-ඇල – ඒකල, යාය ප‍්‍රදේශයේ ගොවීන් පිරිසක් හමුවුණා. එහිදී ගොවීන් තමන්ට පවතින ගැටලූ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු නියෝජිතායතය හෙවත් යූ.එස්.ඒඞ් හි පරිපාලක සමන්තා පවර් දැනුවත් කළා.
ඒ අනුව, පොහොර සම්පාදනය සහ කෘෂිකාර්මික යෙදවුම් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 40 ක් ලබාදෙන බව සමන්තා පවර් එහිදී ප‍්‍රකාශ කර තිබෙනවා.
ඇයගේ මෙම නිල සංචාරයේ අරමුණ වී ඇත්තේ ශ‍්‍රී ලංකාව මුහුණදෙන අර්බුදකාරී තත්වය පිළිබඳව සාකච්ඡා කර එය යථා තත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය සහය ලබාදීමයි.
එමෙන්ම මෙරට වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන්ද ඇයගේ මෙම සංචාරයේදී අවධානය යොමුවනු ඇති.