
පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු රංගන ශිල්පිනි දමිතා අබේරත්න ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ, අද ඇය කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
මෙහිදී විනිසුරුවරයා නියෝග කළේ දමිතා අබේරත්න රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.
බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියේදී පසුගියදා දමිතා අබේරත්නව කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගනු ලැබුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීම, එහි දේපලවලට හානි කිරීම සහ අයුතු ජනරාශිය යන චෝදනාවලට අදාළවයි.