
දිවයිනට පැමිණි අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් මාටින් චොන්ගොන් අද ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සහ අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවීමට නියමිතයි.
ඔහු දිවයිනට පැමිණියේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ, අග‍්‍රාමාත්‍යවරයාව සිටියදී කළ ආරාධනාවකට අනුවයි.
ඊයේ පස්වරු 06 යි 40 ට පමණ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. 652 දරණ යානයෙන් දිවයිනට පැමිණි අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් මාටින් චොන්ගොන් ඇතුලූ දූත පිරිස පිළිගැනීම සදහා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටියා.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ ඔහු සිය ශ‍්‍රී ලංකා සංචාරය අතරතුර කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද මුණගැසීමට නියමිත බවයි.