මෙරට මිලියන 6 යි දශම 3 ක ජනතාවක් මධ්‍යස්ථ මට්ටමේ සිට උග‍්‍ර මට්ටම දක්වා අහාර අනාරක්ෂිතභාවයට මුහුණදෙන බවත් ප‍්‍රමාණවත් ජීවිතාරක්ෂක සහ ජීවනෝපාය අධාර ලබා නොදුනහොත් ඔවුන්ගේ තත්වය වඩා බැරෑරුම් විය හැකි බවත් ජගත් ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙල අනතුරු අඟවනවා.
මෙම සංවිධාන දෙක සකස් කළ ඒකාබද්ධ වාර්තාව කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත භාරදී ඇති අතර එමගින් හෙළිකර ඇත්තේ ආසන්න වාර දෙකක බෝග අස්වැන්න අසාර්ථකවීම හේතුවෙන් ආහාර නිෂ්පාදනය සියයට 50 කින් පමණ පහත වැටී ඇති බවයි.
එසේම විදේශ විනිමය අර්බුදය නිසා ආහාර සහ ධාන්‍ය ආනයනයද අඩුවී තිබෙනවා. අදාළ වාර්තාවට අනුව සත්ව ආහාර ලෙස බහුලව භාවිත කරන බඩඉරිගු නිෂ්පාදනය පසුගිය වසර 05 ක සාමාන්‍යයට වඩා සියයට 50 කින් අඩුවී ඇති අතර එය කුකුලූ මස්, බිත්තර සහ අනෙකුත් පශු නිෂ්පාදන කෙරෙහි අහිතකර ලෙස බලපා තිබෙනවා.
පවුල්වල සහ අපනයන ආදායමේ සැලකිය යුතු අඩුවීමට එළවළු, පළතුරු, තේ, පොල්, රබර් සහ කුළුබඩු වැනි අපනයන බෝග නිෂ්පාදන අඩු මට්ටමක පැවතිීම හේතුවී ඇති බව එහි සදහන්.
ජගත් ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙල තවදුරටත් පෙන්වා දෙන්නේ වසරක් තුළ මෙරට ආහාර උද්ධමනය සියයට 94 කින් ඉහළ ගොස් ඇති බවයි.
ආනයනික අවශ්‍යතාව සපුරා ගැනීමට තවත් ධාන්‍ය මෙටි‍්‍රක් ටොන් මිලියන 1 යි දශම 2 යි 7 ක් ආනයනය කළ යුතු නමුත් සාර්ව ආර්ථික අභියෝග හමුවේ එම අවශ්‍යතාව සපුරා ලීමට ද නොහැකි වීමේ ඉහළ අවධානමක් මතුවී තිබෙනවා.
එබැවින් එම සංවිධාන නිර්දේශ කර ඇත්තේ ගැබිණි සහ මව්කිරි ලබාදෙන කාන්තාවන්, කාන්තා මූලික පවුල් සහ ආබාධිත පුද්ගලයින් ඇතුලූ අවධානමට ලක්විය හැකි ප‍්‍රජාවට ක්ෂණික ද්‍රව්‍යයමය හෝ මුදල් පදනම් කරගත් ආධාර සැපයිය යුතු බවයි.
කුඩා ඉඩම් හිමියන්ට පොහොර ඇතුළු කෘෂි යෙදවුම්, ඉන්ධන ලබාදෙන ලෙස නිර්දේශ කර තිබෙනවා.
පශු සම්පත් හිමිකරුවන්ට ඉහළ පෝෂණ තත්වයෙන් යුතු සත්ව ආහාර එන්නත් සහ පශු සෞඛ්‍ය කට්ටල සහන මිලකට ලබා දිය යුතු අතර පාසල් ආහාර වැඩසටහන වැනි ජාතික පෝෂණ වැඩසටහන් නැවත ආරම්භ කර අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවයි රජයට දැනුම් දී ඇත්තේ.