බ්‍රිතාන්‍ය මහ රැජිණගේ අභාවය වෙනුවෙන් ලබන 23 වන සිකුරාදා දින පාර්ලිමේන්තුවේ ශෝකය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදීයි. මේ අතර යෝජිත ජාතික සභාව නැමැති පිළිබද යෝජනාව ලබන 20 වෙනිදා පාර්ලිමේන්තුවේදී විවාද කිරීමෙන් අනතුරුව සම්මත කර ගැනීමටද පක්ෂ නායක රැස්වීමේදී තීරණය වුණා.
මේ අතර, කොරෝනා තත්වය සහ ආරක්ෂක හේතුන් මත පාර්ලිමේන්තුව නැරඹීම සදහා පනවා තිබූ සීමාවන් ලිහිල් කර තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තු රැස්වීම නොමැති දිනවලදී පාසල් සිසුන්ට සහ ඒ සදහා ඉල්ලූම්කරන පාර්ශවයන්ට පාර්ලිමේන්තුව නැරඹීම සඳහා අවසර ලබාදීමටද පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කෙසේ වෙතත්, මීට පෙර පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවලදී පවා පාසල් සිසුන්ට එය නැරඹීමට අවස්ථාව ලබා දී තිබුණා.