නව කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම්දීම ජනාධිපතිවරයාගේ එංගලන්ත සහ ජපන් සංචාරයෙන් අනතුරුව සිදුකිරීමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.
ඒ අනුව තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙකු පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මේ වනවිට තවත් කැබිනට් අමාත්‍ය ධූර දහයක් තමන්ට ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා වෙත ලිඛිතව ඉල්ලීමක්ද සිදුකර තිබෙනවා.
එම පක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කළේ කොළඹ, රත්නපුර, කළුතර යන දිස්ති‍්‍රක්කවල දිස්ති‍්‍රක් නායකයින්ට මෙම ලැයිස්තුවට ඇතුළත් බවයි.
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දරන අමාත්‍ය ධූරවලට අමතරව කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙකු මේ වනවිට පත්කර ඇති අතර, වර්තමාන රජයේ රාජ්‍ය අමාත්‍ය ධූර සංඛ්‍යාව 38 ක්.