කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතනවලින් විධිමත් පරිදි බදු අය කර ගැනීම සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ප‍්‍රතිපත්ති සම්පාදන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ, එහි විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ අත්සනින් යුතුව අගෝස්තු මස 31 දා නිකුත් කළ නව ගැසට් නිවේදනයට අනුවයි.
අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර ඇති අතර, කැසිනෝ කර්මාන්තය නීත්‍යානුකූල කිරීමට සහ නියාමනය කිරීමට මෙන්ම සුදුසුකම් ලබන නව ආයෝජකයින්ට අවස්ථාව ලබාදීමේ අරමුණින් නව බලපත‍්‍ර ලබාදීම සඳහා සංශෝධිත නීති ද එහි දක්වා තිබෙනවා.
මෙතෙක් මෙරට කැසිනෝ ව්‍යාපාරයේ නිරතවීමට බලපත‍්‍ර ලබාදී තිබුණේ පුද්ගලයින් දෙදෙනෙකුට පමණයි.
සංශෝධිත නීති අනුව 2010 අංක 14 දරණ පනත යටතේ ශ‍්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාරය සඳහා නව බලපත‍්‍ර ලබාදිය යුතු බවත්, මෙතෙක් එය සිදු නොවූ බැවින් සංශෝධිත ගැසට් නිවේදනයෙන් මෙම පනත බලාත්මක කෙරෙනවා.