
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා ශ‍්‍රී ලංකා කණ්ඩායමට විශේෂඥ පුහුණු උපදේශකවරයෙකු ලෙස මහේල ජයවර්ධන එක්වන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා.
එහි සභාපති ශම්මි ද සිල්වා සහ ක්‍රිකට් ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මේ බව ප‍්‍රකාශ කළේ ආසියානු කුසලාන තරඟාවලියේ පසු විපරම සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.