මෙතෙක් පියවා නොමැති මැතිඇමතිවරුන්ගේ සහ රාජ්‍ය නිලධාරින්ගේ නිල නිවාසවල ජල බිල්පත් මාස දෙකක් තුළ පියවීමට කටයුතු නොකළහොත් ජල සැපයුම විසන්ධි කිරීමට කතානායකවරයා ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයට උපදෙස් ලබාදී තිබෙනවා.
එහිදී බිල්පත් ගෙවා නොමැති මන්ත‍්‍රීවරුන්ගේ ලේඛනයක් ද ලබාදෙන ලෙසට කතානායකවරයා, දැනුම් දුන් බවයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පියල් පත්මනාථ කියා සිටියේ.
මේ වනවිට සමස්ත ජනතාවගේ හිඟ ජල බිල්පත්වලින් රුපියල් මිලියන 4400 ක් අයකර ගැනීමට පවතින අතර මැති ඇමතිවරුන්ගේ මෙන්ම රාජ්‍ය නිළධාරින්ගේ නිල නිවාසවල මිලියන 10 ක පමණ හිග මුදලක් පවතින බව ඔහු කියා සිටියා.