/
/
title icon වන අලි ගහණය 7000 දක්වා ඉහළට – වන අලි 350 ක් අතුරුදන් ?
වන අලි ගහණය 7000 දක්වා ඉහළට – වන අලි 350 ක් අතුරුදන් ?
Editor
2 years ago
Share:
වන අලි ගහණය 7000 දක්වා ඉහළට – වන අලි 350 ක් අතුරුදන් ?

මෑතකදී සිදුකළ ගණනය කිරීම් අනුව මෙරට වන අලි ගහණය 7000 දක්වා ඉහළ ගොස් ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසනවා.

මෙතෙක් මෙරට වන අලි ගහණය සටහන්ව තිබුණේ 5600ක් ලෙසයි.

එමෙන්ම මෙරට සිටින දළ ඇතුන්ගේ සංඛ්‍යාව ද අඩු වෙමින් පවතින අතර නව ගණනයට අනුව දළ ඇතුන් සංඛ්‍යාව 142 ක් බවයි වනජීවි දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ.

මින්නේරිය, ගිරිතලේ හා පරාක‍්‍රම සමුද්‍රය ආශ‍්‍රිතව ගැවසෙන වන අලි 350 ක් අතුරුදන්වී ඇති බවට පසුගියදා මාධ්‍ය වාර්තා පළවී තිබුණා.

එහෙත් එම අලින්ගෙන් විශාල පිරිසක් වෙනත් ප‍්‍රදේශවලට ආහාර සොයා සංක‍්‍රමණය වී ඇති බවටයි වනජීවි දෙපාර්තමේන්තුව සදහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required