
නවතම මීටර 100 පිරිමි ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව මෙරට කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් විසිවන ස්ථානයට පත්ව තිබෙනවා.
එහි පළමුවන ස්ථානය හිමිව ඇත්තේ ඇමරිකාවේ ට්‍රෙවෝන් බ්‍රෝමේල් ටයි.
ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව යුපුන් අබේකෝන් මේ වනවිට දෙවන ස්ථානයේ පසුවන අතර, ඔහු දකුණු ආසියාවේ කෙටි දුර ධාවන ශූරයාද වනවා.