අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අළුයම බ්‍රිතාන්‍යය බලා පිටත්ව ගියා.
අළුයම 3.33 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. 649 දරණ යානයෙන් ඩුබායි බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා, පසුව එහි සිට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා ගමන් කිරීමට නියමිතයි. ජනාධිපතිවරයා සමඟ අටදෙනෙකුද මෙම සංචාරයට එක්ව තිබෙනවා.
මේ අතර, ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පුළුල් ආර්ථික හා තාක්ෂණික හවුල් කාරිත්වයක් බවට පත්කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ කොළඹ පැවති ශ්‍රී ලංකා – ඉන්දියානු සමාජයේ වාර්ෂික සුහද හමුව අමතමින්.
ඉන්දියාවේ 75 වැනි නිදහස් සැමරුම මුල් කර ගනිමින් පැවති මෙම වාර්ෂික සුහද හමුවට මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා.