දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඞ්න් ලන්ඩනයට ළඟාවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එමෙන්ම තවත් රටවල් රැසක නායකයින් ද රාජකීය අවමංගල්‍යයට සහභාගිවීම සඳහා බ්‍රිතාන්‍ය වෙත ළඟාවෙමින් සිටින බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.
ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහරැජිණගේ මුණුබුරන් අටදෙනා පැමිණ තිබෙනවා.
එසේම මීට පෙර තුන්වන චාල්ස් රජු, විලියම් කුමරු සහ හැරී කුමරු විසින් ද රාජකීය ඇඳුමින් සැරසී මහරැජිණට ගෞරව දක්වනු ලැබුවා.
වෙස්මිනිස්ටර් ශාලාවේ මහරැජිණගේ දේහය තැන්පත් කර තැබෙන්නේ හෙට උදෑසන 6.30 දක්වා පමණයි.
ඉන් පසුව ජනතාවට රැජිනගේ දේහයට ගෞරවය දැක්වීමට අවස්ථාව සැලසෙන්නේ නැහැ.