/
/
title icon චාල්ස් සහ විලියම් පෝලිම් වෙත.
චාල්ස් සහ විලියම් පෝලිම් වෙත.
Editor
2 years ago
Share:
චාල්ස් සහ විලියම් පෝලිම් වෙත.

අභාවප‍්‍රාප්ත දෙවන එලිසබෙත් මහ රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැය ගණනාවක් දිගු පෝලිම්වල රැඳී සිටින ජනතාව විස්මයට පත් කරමින් ඔවුන් අතරට බ්‍රිතාන්‍යයේ නව රජු ලෙස පත් වූ තුන්වන චාල්ස් රජු සහ විලියම් කුමරු පැමිණ තිබෙනවා.

දේහය තැන්පත් කර ඇති වෙස් මිනිස්ටර් ශාලාවේ සිට සව්ත්වෝක් උද්‍යානය දක්වා දිගු පෝලිමට සෑම පැයකටම වරක් පුද්ගලයන් 2000 එක්වන බව විදෙස් වාර්තා සඳහන් කළා.

කෙසේ වෙතත් පෝලිමට අළුතින් එක්වීම සඳහා පැමිණීමෙන් වලකින ලෙස දැනටමත් ජනතාවට දැනුම්දීමක් සිදුකර ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැය 36 ක කාලයක් ගතවන අතර, වෙස්මින්ස්ටර් ශාලාවේ දේහය තැන්පත් කර තැබෙන්නේ සඳුදා උදෑසන 6.30 දක්වා පමණයි. ඉන් පසුව ජනතාවට රැජිනගේ දේහයට ගෞරවය දැක්වීමට අවස්ථාව සැලසෙන්නේ නැහැ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required