/
/
title icon වකුගඩු රෝගීන්ටත් ඖෂධ හිඟයෙන් බලපෑම්.
වකුගඩු රෝගීන්ටත් ඖෂධ හිඟයෙන් බලපෑම්.
Editor
2 years ago
Share:
වකුගඩු රෝගීන්ටත් ඖෂධ හිඟයෙන් බලපෑම්.

මේ වනවිට පිළිකා රෝගීන් මෙන්ම වකුගඩු රෝගීන්ද ඖෂධ හිඟවීම සහ මිල ඉහළ යාම හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

පවතින ඖෂධ හිඟය සහ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් පිළිකා රෝගීන් අපහසුතාවයට පත්ව ඇති අතර, අද වනවිට අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වකුගඩු රෝගීන්ද අපහසුතාවට පත්ව ඇත්තේ ඖෂධ හිඟය සහ ඒවායේ මිල ඉහළ යාම හේතුවෙන්.

මේ අතර, වකුගඩු රෝගීන් සදහා අවශ්‍ය වන රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුත් ඖෂධ තොගයක් අද පාකිස්තානු මහකොමසාරිස්වරයා විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත භාරදෙනු ලැබුවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අද පැවති එම ඖෂධ ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඖෂධ සහ වෛද්‍ය උපකරණවල යම් හිඟයක් පැවතියද පෙන්වා දෙන තරම් එය බරපතල නොමැති බවයි.

එම තත්වය ලබන මාසය වන විට යථා තත්වයට පත්වනු ඇති බවද ඔහු සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required