ඵෙතිහාසික ගැටඹේ බෝධිය, මහවැලි ගඟට ගිලාබැසීමේ අවදානමක් පවතින බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති රාමඤ්ඤ නිකායේ අනුනායක පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් අනතුරු අඟවනවා.
වසර පන්සියයක් පමණ පැරණි මෙම බෝධින් වහන්සේ මෙන්ම එම ප්‍රදේශයේ පිහිටි චෛත්‍ය රාජයාණන් වහන්සේ හා අවට ගොඩනැගිලි ආශ්රිත ප්‍රදේශයේ ස්ථාන රැසක්ම මේ වනවිට ඉරිතලා පුපුරා ගොස් ඇති බවයි උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.