/
/
title icon මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි දිරාපත් – ළඟ ළඟ පීලි පැනීමටත් හේතුව බව අනාවරණ වෙයි.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි දිරාපත් – ළඟ ළඟ පීලි පැනීමටත් හේතුව බව අනාවරණ වෙයි.
Editor
2 years ago
Share:
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි දිරාපත් – ළඟ ළඟ පීලි පැනීමටත් හේතුව බව අනාවරණ වෙයි.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමට හේතුව පීළි දිරාපත්වීම සහ දුම්රිය එන්ජින් නඩත්තු නොකිරීම බවට අනාවරණය වී තිබෙනවා.

කොළඹ කොටුවේ සිට වාද්දුව දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පීලි මෙලෙස දිරාපත් වී ඇති බවයි එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ.

පසුගිය සතියේ අවස්ථා දෙකකදී කොල්ලූපිටිය සහ කොම්පඤ්ඤ වීදිය යන ප‍්‍රදේශවලදී දුම්රිය පීලිපැනීමකට ලක්වූ අතර කොළඹ කොටුවේ සිට හික්කඩුව බලා ධාවනය වූ සීග‍්‍රගාමි දුම්රියද ඊයේ පස්වරුවේ පීලිපැනීමට ලක්වුණේ මහලේකම් කාර්යාල දුම්රිය
ස්ථානය අසළදීයි.

මේ අනුව දින කිහිපයක් තුළ වස්ථා තුනකදී මුහුදු බඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

අප මේ සම්බන්ධයෙන් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්නගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් දුම්රිය පීලි මිලදී ගැනීමටද මේ වනවිට බාධා එල්ල වී ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required