
ලබුගම ජල පවිත‍්‍රාගාරයේ ජල ටැංකියක පිරිසිඳු කිරීමේ කටයුත්තක් හේතුවෙන් හෙට දිනයේදී ප‍්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව හංවැල්ල, ජල්තර – රණාල, කඩුවෙල, මාපිටිගම, දොම්පේ සහ කහහේන යන ප‍්‍රදේශවලට පෙරවරු අටේ සිට මධ්‍යම රාත‍්‍රී 12 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.