පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සිසුන් පිරිසකට ආපනශාලාව තුලදී පහරදීමේ සිදුවීමට අදාළව සිසුන් තුන්දෙනෙකුගේ පන්ති, සති දෙකක කාලයකට තහනම් කර තිබෙනවා.
දෙවන සහ තුන්වන වසර සිසුන් දෙපිරිසක් අතර ඇති වූ මතභේදතාත්මක තත්වයක් හේතුවෙන් මෙලෙස පහරදීමක් සිදුව ඇති බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
එහිදී තුවාල ලැබූ සිසුන් 04 දෙනෙකු රෝහල්ගත කර තිබුණා. එම සිද්ධිය පිළිබ`දව අනාවරණ වන්නේ ඊට අදාල වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීමත් සමගයි.
විශ්වවිද්‍යාලයේ ආපනශාලාවක ආහාර ගනිමින් සිටි නීති පීඨයේ සිසු සිසුවියන් 11 දෙනෙකුට තවත් පිරිසක් පහරදෙන අයුරු එහි සටහන්ව තිබුණා.
නවකවදයට එරෙහි වීමේ සිද්ධියක් මීට හේතුවී ඇති බවටයි වාර්තා පළ වුණේ. සිද්ධිය සම්බන්ධයෙන් ශාස්ත්රපීඨයේ පීඨාධිපතිවරයාගෙන් පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් ද ලැබී තිබෙනවා.