පන්සල් ඇතුලූ ආගමික ස්ථානවල විදුලිබිල සංශෝධනයට අදාළව ඉදිරිපත් වී ඇති අදහස්, යෝජනා සහ විකල්පයන් පිළිබඳව විශේෂ සාකච්ඡුාවක් පවත්වා තිබෙනවා. ඒ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප‍්‍රධානත්වයෙන්.
ඊට මහා සංඝරත්නය ඇතුළු අන්‍යආගමික නියෝජිතයන් මෙන්ම සිවිල් සංවිධානවල නියෝජිතයින්ද එක්ව තිබුණා. එහිදී විදුලිබිල සංශෝධනය කරන්නේ නම් එය සිදුකරන ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡුාවට බඳුන් වී ඇති බවටයි වාර්තා වන්නේ.
එම හමුවෙන් අනතුරුව භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද හමුවී විදුලිබිල ඉහළ යෑම පිළිබඳව සාකච්ඡාවක් සිදුකළේ විපක්ෂ නායක කාර්යාලයේදීයි.
අද දිනයේ සිට පැය දෙකයි විනාඩි විස්සක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමට අනුමැතිය ලබා නොදුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති ජනක රත්නායක කියා සිටියේ අද දිනයේදී පැයයි විනාඩි විස්සක කාලයක් පමණක් විදුලිය කප්පාදුව සඳහා අවසර ලබාදුන් බවයි.