
පසුගිය ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව සියයට 70 යි දශම 2 ක දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය ජූලි මාසයේ 66 යි දශම 7 ක අගයක පැවති බවයි.
ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 84 යි දශම 6 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ජූලි මාසයේ සටහන් වී ඇත්තේ 82 යි දශම 5 ක් ලෙසයි.
ජල, විදුලි, ගෑස් සහ ඉන්ධන කාණ්ඩයට අයත් උද්ධමනය ද සියයට 32 යි දශම 1 කින් ඉහළ ගොස් තිබෙනවා.