/
/
title icon ඇමරිකාවෙන් ඩොලර් ලක්ෂ 7ක ඖෂධ.
ඇමරිකාවෙන් ඩොලර් ලක්ෂ 7ක ඖෂධ.
Editor
2 years ago
Share:
ඇමරිකාවෙන් ඩොලර් ලක්ෂ 7ක ඖෂධ.

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් හත් ලක්ෂ 73 දහසකට වඩා වැඩි වටිනාකමකින් යුත් හදසි ඖෂධ හා වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කර තිබෙනවා.

වොෂින්ටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩිනමින් අවශ්‍යව ඇති විටමින්, නිදන්ගත රෝග සඳහා වන ඖෂධ, කැතීටර්, සිරින්ජර් සහ අත්වැසුම් ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධ මීට ඇතුළත් බවයි.

මේ අතර, ඕස්ට්‍රේලියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 600 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් වශයෙන් ලබාදී තිබෙනවා.

ඒ, ලෝක ආහාර වැඩසටහන ඕස්ට්‍රේලියාවෙන් කළ ඉල්ලීමකට අනුවයි.

මෙම සහල් තොගයේ වටිනාකම ඩොලර් මිලියන 15 ක් පමණ වන අතර, ඒවා ඉදිරියේදී අඩු ආදායම්ලාභී පවුල් වෙත ලබාදීමට නියමිතයි.

ඕස්ටේ‍්‍රලියාව වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් පුළුල් කරගනිමින් ඉදිරියේදීත් මෙරටට සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර, ගෝලීය ආහාර සුරක්ෂිතතා අරමුදලට ඩොලර් බිලියන 2.9 ක් ලබාදෙන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඞ්න් සඳහන් කළ බව ධවල මන්දිරය ප‍්‍රකාශ කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required