
සංචාරක වීසා මත දඹුල්ල ප‍්‍රදේශයේ කාන්තාවන් කිහිපදෙනෙකු ඩුබායි රැකියා සඳහා පිටත් කළ රැකියා නියෝජිත ආයතනයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සහ මාධ්‍ය ප‍්‍රකාශක ජී. ජී සෙනරත් යාපා කියා සිටියේ අත්අඩංගුවට ගත් සැකකරු දඹුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.
ශ්‍රී ලාංකික කාන්තාවන් 85 දෙනෙකු ඩුබායි හි රැඳවුම් කඳවුරක කාමරයක් තුළ සිර කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් ක‍්‍රියාමාර්ගයක් ගන්නා බව ගන්නා බවද ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප‍්‍රකාශ කළා.