
ඇල්ල රොක් රක්ෂිත ප‍්‍රදේශයේ ඊයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් පාසල් සිසුන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගින්න හේතුවෙන් අක්කර 15 ක් පමණ විනාශයට ලක්ව ඇති අතර, ගින්න ඊයේ රාති‍්‍රයේම පාලනය කිරීමටයි කටයුතු කෙරුණේ.
ඒ, බණ්ඩාරවෙල ආපදා කළමනාකරණ ඒකකයේ මැදිහත්වීමෙන්.
බදුල්ල ප‍්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිස් භාරයට ගැනුණේ, ප‍්‍රදේශවාසීන් විසින් එම පිරිස අල්ලා පොලිසියට භාරදීමත් සමඟයි.
ඔවුන් බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.