/
/
title icon අභියෝග රැසකට මුහුණදෙමින් සිටින බව විදේශ ඇමති ජගත් සමුළුවට කියයි.
අභියෝග රැසකට මුහුණදෙමින් සිටින බව විදේශ ඇමති ජගත් සමුළුවට කියයි.
Editor
2 years ago
Share:
අභියෝග රැසකට මුහුණදෙමින් සිටින බව විදේශ ඇමති ජගත් සමුළුවට කියයි.

ආර්ථික දේශපාලනික හා සමාජයීය වශයෙන් ශ‍්‍රී ලංකාව අභියෝග රැසකට මුහුණදෙමින් සිටින බව විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි එක්සත් ජාතීන්ගේ 77 වන මහා මණ්ඩල සැසිවාරය අමතමින් සඳහන් කළා.

ශ‍්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත‍්‍රියේ නිව්යෝක් නුවරදී සැසිවාරය අමතමින් විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ එම අභියෝග ජයගැනීමට වැදගත් අවස්ථාවක් නිර්මාණය වෙමින් පවතින බවයි.

එමෙන්ම භාෂණයේ නිදහස ගරු කරන බව සඳහන් කළ විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඒ සියල්ල සිදුවිය යුත්තේ ව්‍යවස්ථානුකූලව බවයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වන සැසිවාරයට විදේශ අමාත්‍යවරයා සමඟ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් ඇතුළු පිරිසක් එක්ව සිටිනවා.

විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල නායකයින් සහ නියෝජිතයින් රැසක්ද හමුවූ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා, එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඞ්, සෝමාලියානු විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍යවරයා, නැමීබියා ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගීතා නියෝජ්‍ය අමාත්‍යවරයාද හමුවී සාකච්ඡා සිදුකර තිබෙනවා.

මීට අමතරව උස්බෙකිස්ථාන, සෞදි අරාබිය සහ ආමේනියා යන රටවල විදේශ අමාත්‍යවරුන්ද ඔහු මෙහිදී හමුවී තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required