
රුසියානු එරෝෆ්ලොට් ගුවන් සේවය ඔක්තෝම්බර් 9 වනදා සිට යළි ශ‍්‍රී ලංකාව තුල මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ඒ.ලියනගේ ප‍්‍රකාශ කළා.
අධිකරණ කටයුත්තක් හේතුවෙන් එරෝෆ්ලොට් ගුවන් යානයක් මෙරට රඳවා ගැනීමත් සමඟයි ඒ පිළිබඳව ගැටලූකාරි තත්ත්වයක් මතුවුණේ. ඒ සමඟ එම ගුවන් සේවය ශ්‍රී ලංකාවට සිදුකරන සියළුම ගුවන් ගමන් අත්හිටුවීමටයි පියවර ගත්තේ.