/
/
title icon උද්ඝෝෂණවලට පැය හයකට පෙර කියන්නැයි වැඩබලන ආරක්ෂක ඇමති කියයි.
උද්ඝෝෂණවලට පැය හයකට පෙර කියන්නැයි වැඩබලන ආරක්ෂක ඇමති කියයි.
Editor
2 years ago
Share:
උද්ඝෝෂණවලට පැය හයකට පෙර කියන්නැයි වැඩබලන ආරක්ෂක ඇමති කියයි.

සාමකාමී උද්ඝෝෂණවලට බාධාවක් නොමැති අතර, විරෝධතාවන් පැවැත්වීමට පැය හයකට පෙර පොලිසිය දැනුවත් කර අවසර ලබාගත යුතු බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කළා.

ඔහු මේ බව ප‍්‍රකාශ කළේ රටේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ප‍්‍රකාශ කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන අයුරින් විරෝධතා දියත් කරන පිරිස්වලට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය අවස්ථාවලදී ත‍්‍රිවිධ හමුදාවල සහයද ලබාගන්නා බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කළේ ඇතැම් පාර්ශව රට අස්ථාවර කිරීමේ උත්සහයක නිරතවන බවයි.

මේ අතර කොළඹ පසුගියදා පැවති විරෝධතාව අතරතුර සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම ගැන පොලිස්පති වාර්තාව අද ලබාදීමට නියමිත බව මානව හිමිකම් කොමිසම පවසනවා.

එම කොමිසම සඳහන් කළේ අදාළ වාර්තාව සිය කොමිසම වෙත ලබාදෙන්නැයි පොලිස්පතිවරයාට දැනුම් දුන් බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required