
සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහි ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවේ චූදිතයෙකු ලෙස නම් කර සිටින ශ‍්‍රී ලාංකික බොලිවුඞ් රංගන ශිල්පිනී ජැක්ලීන් ෆර්ඩිනැන්ඩස් අතුරු ඇපයක් මත මුදාහැර තිබෙනවා.
දිල්ලි – පට්යාලා හවුස් අධිකරණය ඉන්දීය රුපියල් 50,000 ක බැඳුම්කරයක් මතයි මෙලෙස අතුරු ඇප නියම කර ඇත්තේ.
ඇය සුදු කමිසයක් සහ කළු කළිසමකින් සැරසී නීතීඥයෙකු ලෙස වෙස් වලාගෙන අධිකරණ ශාලාවට හොර රහසේ ඇතුලූවී ඇති බවයි ඉන්දිය වාර්තා සඳහන් කළේ.
කෙසේ වෙතත් මීළඟ නඩු විභාගය එළඹෙන ඔක්තෝම්බර් මස 22 වනදා පැවැත්වීමට නියමිතයි.
සුකේෂ් චන්ද්‍රසේකර් විසින් ජැක්ලීන්ට කප්පම් ගැනීම් ඇතුළු අපරාධ කි‍්‍රයාවලින් උපයාගත් මුදලින් ඉන්දීය රුපියල් කෝටි 5 යි දශම 7 යි 1 ක ත්‍යාගයක් ලබාදී ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම ත්‍යාග අතර ඉන්දීය රුපියල් ලක්ෂ 52 ක් වටිනා අශ්වයෙකු සහ ඉන්දීය රුපියල් ලක්ෂ 9 ක් වටිනා පර්සියානු බළලෙකු ද සිටිනවා.