නිෂ්පාදන වියදම අඩුවී ඇති බැවින් බිත්තරයක මිල අඩුකළ හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසනවා.
මේ වනවිට වෙළඳපොලේ බිත්තරයක මිල රුපියල් 50 ක අගයක් ගන්නා අතර, එය තවදුරටත් අඩු කළ හැකි බවයි එම සංගමයේ ලේකම් අනුරසිරි කුමාරසිංහ සඳහන් කළේ.
මේ අතර බිත්තර මිල සංශෝධනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අනිද්දා පැවැත්වීමටද නියමිතයි.