පාස්කු ප්රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ රියදුරා ඇතුළු හතර දෙනෙකු ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ, ඔවුන් මඩකලපුව මහාධිකරණ විනිසුරු එන්.එම් අබ්දුල්ලා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදි විනිසුරුවරයා නියෝග කළේ රුපියල් තිස්පන්දහස බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මොවුන් මුදාහරින ලෙසයි.
එමෙන්ම ඔවුන්ට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.
2018 වසරේ මඩකලපුව – වව්නතිව් පොලිස් මුරපොලේදී පොලිස් නිලධාරී දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම සහ පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයට අදාළව සහරාන්ගේ රියදුරු වන ගෆූර් මාමා, හම්සා මොහිදීන් ඇතුළු හතර දෙනෙකු ත්රස්තවාදය වැලැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.
ඔවුන් වසර දෙකහමාරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවුණේ.