අද වන විට වෙළඳපළේ වාහන වල මිල ගණන් සීඝ්ර ලෙස පහත බසිමින් පවතින බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
පොලී අනුපාත ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම සහ අමතර කොටස් හිඟය ඇතුළු තවත් ගැටළු හේතුවෙන් මෙලෙස වාහනවල මිල පහත ගොස් ඇති බවයි එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සඳහන් කළේ.
කෙසේ වෙතත් වාහන වල මිල පහළ ගිය ද අමතර කොටස් හා වාහන නඩත්තු ගාස්තු අධික ලෙස ඉහළ ගොස් ඇති බව ද ඔහු කියා සිටියා.
අමතර කොටස් මිල ඉහළ යාමෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කුලී සේවා සපයන තී්රරෝද රථ රියදුරන්ටයි.