
අකුරැස්ස – හුලංදාව – විකසිතගම ප‍්‍රදේශයේ තරුණයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා. ඒ, ඔහු ඊයේ නිල්වලා ගඟේ මසුන් ඇල්ලීම සඳහා ගිය අවස්ථාවේදීයි.
කලක් තිස්සේ මොහු නිල්වලා ගඟේ එම ස්ථානයේ මසුන් ඇල්ලීමේ කටයුතුවල නිරතව ඇති අතර, පොලිසිය සැක පළ කරන්නේ කිඹුලා, ඔහුගේ චර්යාවන් නිරීක්ෂණය කර මෙම තරුණයා ගොදුරු කරගන්නට ඇති බවටයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 35 ක පමණ තරුණයෙක්. ඔහු සොයා පොලිසිය සහ ප‍්‍රදේශවාසීන් ඊයේ රාත්‍රිය පුරා මෙහෙයුමක් සිදුකරනු ලැබුවා.