/
/
title icon “ඉයන්” ෆ්ලොරීඩාවට කඩා වදී.
“ඉයන්” ෆ්ලොරීඩාවට කඩා වදී.
Editor
2 years ago
Share:
“ඉයන්” ෆ්ලොරීඩාවට කඩා වදී.

ඉයන් සුළි කුණාටුව මේ වනවිට ඇමරිකාවේ ෆ්ලොරීඩා ප‍්‍රාන්තයට කඩා වැදී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ පැයට කිලෝමීටර් 250ක ප‍්‍රබලත්වයෙන් යුතුව හමා යන මෙම සුළි කුණාටුව හේතුවෙන් ප‍්‍රාන්තයට අධික වැසි සහ තද සුළං ඇති වී තිබෙන බවයි.

එමෙන්ම, මිලියන එකයි දශම 6ක ජනතාවට මේ වනවිට විදුලිබලය ඇණහිට තිබෙනවා.

මේ අතර, අයහපත් කාලගුණයත් සමඟ ෆ්ලොරීඩා මුහුදු තීරයේ ගමන් කළ කුඩා යාත‍්‍රාවක සිටි 23 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉදිරි දින දෙකේ ජනතාවට වඩාත් සැලකිල්ලෙන් පසුවන ලෙස කාලගුණ අංශ අනතුරු අඟවනවා.

පවතින තත්ත්වය හමුවේ වර්ජිනියා ප‍්‍රාන්තයේද හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

එමෙන්ම, ගුවන් ගමන් 4,000 ක් අවලංගු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර, ෆ්ලොරීඩා ප‍්‍රාන්තයෙන් අභ්‍යවකාශ ගත කිරීමට නියමිතව තිබූ සඳ ගවේෂණ රොකට්ටුවද අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අවලංගු කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required