
නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත‍්‍රයේ දෝෂය පවතින ස්ථානය අද නඩත්තු කටයුතුවල නිරත කණ්ඩායම් පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඒ අනුව එහි යම් කිසි ප‍්‍රගතියක් අනිද්දා වනවිට දැකගත හැකි වනු ඇති බවයි.
ඒ අනුව සඳුඳා වනවිට 03 වන ජනන යන්ත‍්‍රයෙන් අහිමි වූ මෙගාවොට් 270 ක විදුලි ධාරිතාව යළි ජාතික පද්ධතියට එක් කිරීමට හැකිවනු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කළේ.
03 වන ජනන යන්ත‍්‍රය අක්‍රීය වීම හේතුවෙන් අහිමි වූ මෙගාවොට් 270 ක විදුලි ධාරිතාවය කැලණිතිස්ස බලාගාරයෙන් සහ ඇඹිලිපිටිය ඒස් පෞද්ගලික බලාගාරයෙන් මේ වනවිට ලබාගෙන තිබෙනවා.
කැලණිතිස්ස බලාගාරයට විදුලි ජනන කටයුතු සඳහා නැප්තා ලැබීමත් සමඟ මෙගාවොට් 170 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඇඹිලිපිටිය ඒස් පෞද්ගලික බලාගාරයෙන්ද මෙගාවොට් 100 ක විදුලි ධාරිතාවක්ද එක් කර තිබෙනවා.
මේ අතර, අද දිනයේදීත් පැය දෙකයි විනාඩි විස්සක විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.