
රෝයල් මින්ට් හෙවත් බ්‍රිතාන්‍ය සම්ප‍්‍රදායික කාසි නිපදවන්නා විසින් තුන්වන චාල්ස් රජුගේ කාසිය සැළසුම් කර තිබෙනවා.
පැන්ස 50 ක සහ පවුම් පහක කාසි දෙකක් මෙලෙස චාල්ස් රජුගේ මුහුණ සහිතව නිකුත් කිරීමට නියමිතයි.
බ්‍රිතාන්‍ය සම්ප‍්‍රදායට අනුව අනුප‍්‍රාප්තික රජුගේ හෝ රැජිණගේ රුව කාසියක සටහන් වන්නේ මීට පෙර රජු හෝ රැජිණගේ රුව දැක්වුණු දිශාවට ප‍්‍රතිවිරුද්ධවයි.
ඒ අනුව චාල්ස් රජු ඔටුන්න රහිතව වම්පස බලා හිඳින අයුරු එම කාසියේ දැක්වෙනවා.
එම රුව වටා චාල්ස් රජු දෙවියන්ගේ සාඩම්බරයා සහ විශ්වාසයේ ආරක්ෂකයා ලෙස දැක්වෙන ලතින් පාඨයක්ද මුද්‍රණය කර ඇති බව සඳහන්.
චාල්ස් රජුගේ රුව සහිත කාසි ලබන දෙසැම්බරය වනවිට සංසරණයට එක්කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.