/
/
title icon දකුණට අපරාධ කොට්ඨාස දෙකක්.
දකුණට අපරාධ කොට්ඨාස දෙකක්.
Editor
2 years ago
Share:
දකුණට අපරාධ කොට්ඨාස දෙකක්.

දකුණු පළාතේ පසුගිය කාලසීමාවේ වර්ධනය වූ අපරාධ රැල්ල මැඩලීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය මෙන් නව ඒකක දෙකක් පිහිටුවා තිබෙනවා. ඒ ගාල්ල සහ මාතර අපරාධ කොට්ඨාස යන නමින්.

එක් කොට්ඨාසයකට අපරාධ මර්දනය සම්බන්ධයෙන් විශේෂ පුහුණුව ලද නිලධාරීන් 30 දෙනෙකු බැගින් අනුයුක්ත කිරීමටත්, එම ඒකක අධීක්ෂණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකු බැගින් අනුයුක්ත කිරීමටත් පොලිස්පතිවරයා තීරණය කර තිබෙනවා.

එමෙන්ම මෙම ඒකකවලට සහය දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පුහුණුව ලද නිලධාරීන් පිරිසක්ද සිවිල් ඇඳුමින් සේවයේ යෙදවීමටයි සැළසුම් කර ඇත්තේ.

මෙම ඒකකවල මෙහෙයුම් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ අධීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.

පසුගිය මාස කිහිපය තුළ දකුණු පළාතේ ප‍්‍රදේශ ගණනාවකින් වෙඩි තබා ඝාතනය කිරීම් ඇතුලූ අපරාධ ක‍්‍රියා රැසක් වාර්තා වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required