
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝපා කමිටුව සඳහා පත් කෙරෙන සාමාජික මන්ත‍්‍රීවරුන්ගේ නම් අනිද්දා ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින්.
විවිධ ගැටළු හේතුවෙන් කෝප් සහ කෝපා කමිටු පත් කිරීම මාසයකට ආසන්න කාලයක් තිස්සේ ප‍්‍රමාද වුණා.
මේ අතර, කෝප් සහ කෝපා කමිටු වල සභාපති ධූර විපක්ෂයට ලබාදෙන්නැයි විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් පාර්ලිමේන්තුවේදී අවස්ථා ගණනාවකදීම ඉල්ලීමක් කර තිබුණා.
එම කමිටු දෙකේ සභාපති ධූර විපක්ෂයට ලබා නොදුනහොත් අනෙකුත් කමිටුවලට සහභාගිවීම සඳහා දෙවරක් සිතීමට සිදුවන බවයි ඔහු සඳහන් කර තිබුණේ.
නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අවසන් කිරීමත් සමඟ කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා රැසක් අහෝසි වුණා.