කපපු නැති පළතුරු වට්ටියක්, සුවද නැති ඒ පළතුරු , මොණර කොල වලට විතරක් පෝලිමේ තැන තියෙන, එහා දොරෙන් වට්ටිය ආපහු ඉදිරියෙ කඩ වලට එන අරුම ලෝකයක් තමයි තියෙන්නෙ ලංකාවෙ දෙවියන්ගෙ ගෙවල් වල. දෙවියන්ට මුවාවෙලා බෙන්ස්, BMW රජ වෙනකොට වට්ටිය උස්සන් පෝළිමේ එන අහින්සකයගෙ බඩ පිරෙයිද? එදා වේල නැති වුනත්, පේ වෙලා දෙවොයො ළගට එන්නෙ භාරෙට ඔප්පුවක් වෙන්න. විභාගෙ පාස් කරන්න, අරයට මෙයාට පොල් ගහන්න, හැබැයි ඒ දෙයියෝ, විභාග පාස් කරාද? අල්ලපු ගෙදර එකාට හෙන ගැස්සෙවුවද? සිතූ පැතූ සම්පත් එක රැයින් ගෙට ගෙනත් දුන්නද? පළතුරු වට්ටියකට පුළුවන්ද බං එච්චර හරියක්???? ඔව් පුළුවන්. හැබැයි ඒ දෙන දේ හරියට දුන්නොත්. හිටියොත් හොඳට හැදී, දෙවියොත් නමට වඳී. කියල කිව්වෙ කට කහනවට නෙවෙයි. ඒක තමා ඇත්ත. පළතුරු වට්ටියට කැප නොවී, දක්ෂතාවයට, උත්සහයට, කැපකිරීම් වලට තමන්ගෙ ඇතුලෙ තැන් හදාගන්න. කුහුකකම, ක්‍රෝධය නැතිකරන්න. පුළුවන් හැම කෙනාටම උදව් කරන්න පුරුදු වෙන්න. එහෙම මිනිස්සු ගාව දෙවියො හැමදාම වැඩඉන්නවා.
මිනිසා සතුට යැයි දකින දෙයට වඩා අහිංසක පොඩි ආසාවල තුල සැගවුනු කිසිවෙකුට නොපෙනෙන ආකාරයෙ සතුටට හේතු වන කාරනා මේ ලෝකය තුල තියෙනවා. නමුත් බොහෝ දෙනා එය නොදාකින්නේද, එය දැකීමට උත්සහ නොගන්නේද යන්න පශ්නාර්ථයකි.
සමාජයේ බොහෝ දෙනා පින යැයි සම්මත, උතුමන් පිදීමට පමනක්ම සීමාවී දුර්වලයාට සත්කාර කිරීමේ කර්මය මගහැර ඇත. දෙවියන් සතුටු කිරීමට පුදන දානයක්, අප අතරම වෙසෙන, වේලක්වත් ආහාරයක් ගැනීමට හැකියාවක් නොමැති පුද්ගලයෙකුට ලැබුනහොත් ඔහු එයින් කෙතරම් සතුටක් අත්කරගනිද, එම දානය ලබාදෙන්නාට කෙතරම් පිනක් අත්වෙවිද,
නමුදු අවාසනාවට කරුන නම්, අපට නොපෙනෙන චරිත සතුටු කර ලබන තෘප්තිය, අසරන පෙනෙන මිනිසෙකු සතුටු කර ලබන්නට තරම් සමාජයේ ඇතැම් මිනිසුන් තවමත් මානසිකව පරිනත නොවී සිටීමයි. තවත් අයෙකුට මාගෙ මතය වෙනස් ලෙස බිදිය හැක නමුත්, මෙහි අදහස් කරන්නේ සරලව කිවහොත් නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ, නිවසේ දෙවියන් අම්මා.. අම්ම පමනක් නොව අපට පෙනන අප වටා ගැවසෙන අයට යුතුකම් ඉටු නොකර ඔවුන්ට නොසලකා කිසි දිනෙක නොදැක්ක නොපෙනෙන කෙනෙකු පසුපස යාමතුළ ඇති හරය කුමක්ද? ධර්මයක් දර්ශනයක් අවබෝධයෙන් අධ්‍යනය කිරීමේ වරදක් නැත. නමුත් ඒවාට ඇලී ගැලී අනවබෝධයෙන් ගමන් කිරීම තුළ අපට අප වටා, පෙනෙන ලෝකය මගහැරෙනු ඇත.
නෙත්මිණි ගුණවර්ධන.