සෑම සති අන්තයකම ධාවනය කෙරෙන පරිදි කොළඹ – කොටුවේ සිට මහනුවර දක්වා විශේෂ සුඛෝපභෝගී සීඝ‍්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කිරීම අද සිදු කෙරුණා.
දර්ශනීය දුම්රිය මාර්ගයක් වන කදූරට දුම්රිය මාර්ගයේ මනරම් ස්ථාන දෙකක් වන උතුවන්කන්ද සහ සිංහ ලකුණ දරිශනය වන පරිදි මිනිත්තු කිහිපයක් දුම්රිය නවතා එම අත්දැකීම විඳගන්නට අවස්ථාව සලසා දීමට පියවර ගැනීම විශේෂත්වයක් වූ අතර මාවනැල්ල නගරයද එහිදී මනාව දර්ශනය වුණා.
එම දුම්රිය පෙරවරු 9.18 ට මදක් පමා වී මහනුවර දුම්රිය ස්ථානයට ළගා වූ අතර, නැවත මහනුවරින් සවස 4.50ට පිටත් වීමට නියමිත දුම්රිය රාත්‍රී 7.40ට කොළඹ කොටුවට ළගා වීමට නියමිතයි.
සෙනසුරාදා සහ ඉරිදා දෙදින නව දුම්රිය ධාවනයට එක් කරනු ලැබුවේ දෛනිකව වැඩි වන මගී අවශ්‍යතා අනුව බව ප්‍රකාශ කළ එම අවස්ථාවට එක්වූ ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, පළමු පන්තියේ ආසනයක් රුපියල් 2000කටත් දෙවන පන්තියේ ආසනයක් රුපියල් 1500ට මිලදී ගත හැකි බව සඳහන් කළා.
මහනුවර දළදා මාලිගාව වන්දනා කිරීමට සහ පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීමට මෙන්ම මහනුවර නගරයේ සිරි නරඹන දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව සඳහායී මෙම දුම්රිය යොදවා ඇත්තේ.
මේ අතර, ඉදිරියේදී කොළඹ – කොටුවේ සිට අනුරාධපුරය දක්වා විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රිය සේවයක් ආරම්භ කිරීමට ප‍්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.